Posts

Showing posts from January, 2022

කසාවතට පෙම් කල සිතක්

Image
  මාල හතක් ගෙලේ දමා ඔසැරියකින් සැරසුනාට මනමාලියක් වුනෙ එදින ආසාව ඔබේ සිදලන්නට  පමණකී අම්මේ.... පියවරක්නම් තැබුවෙ  විශ්වය නම් මායාවේ අගක් සොයාගෙන යන්නටය දෙනු මැන අවසර අම්මේ..... කටුසු වෙසක් මෙන් මාරු විය මංගල ඇදුමින් කසාවතට .... ආශාවන් සැබෑ විය එකම දින, ඔබ මගේ මංගල ඇදුමිනුත්, මම මගේ කසාවතෙනුත් එකම එක අමුතුම ප්‍රේමයක්, අමුතුම ආසාවක්, කසාවතට පෙම් කළ සිතක්...

මා ඔබේ පතිනියයි කන්නගී

Image
ඇස් ගෙවී යනතුරුත්  බලා සිටියේ ඔබේ පැමිණීමය දින සති මාස ගතවිය නමුත් ඔබ නැත තතු සැල වූ විගස ගියේ මාධවියගේ මල් උයනට, දුටිමි මා,   හදවත නැවතිනි ඇස් නිලන්කාර විය එය පමණක් මතකය... මම මගේ යහනාවේ  තනිවම වැතිරෙමි ඔබේ මතක සුවද තුරුළු කරන් ඔබ ඇත ගිනියහනාවක වැතිර රැය පහන් කරන්... නැවත වඩින්නේ කවදාද හිමිසද කන්නගී බලා සිටී ඔබ වෙනුවෙන්  කෝවලන් සමිද,,,,, ඔබට වැටහෙන්නේ කෙදිනකද එය? ජගතෙක් ඇතිද ඉරණම  වෙනස් කළ අයෙකු ලොවේ.. නිමිති කී ලෙසම ඉරණම් ගමන ගියේ.. අවසන ගල්කුළ  මත නොසෙල් වී සිටිය ද නොදැක්කෙම් ද මගේ පතිවතේ බලය දැනුනේ නැතිද වැතිරී සිටි  පර්වතේ උණුසුම, දැවී අළු වී යන ගින්දරේ උණුසුම මගේ කෝවලන් සමිදුනි නුඹට.... වම් පියවුර කඩා ගැසුවේ පර්වතය මත කෝවලන් සමිදුනි මගේ පතිවතේ නමිනි ගිනිගෙන දැල්වුනි සිසාරා ඇති මුළු පඩිරටම... මා ඔබේ පතිනියයි කන්නගී

තාරුකා

Image
 අරුන්දතී තරුව ඔව් නුඹමයි තාරුකා ඈ නැති අහසට කණ එලියකින් බැබලුණ විරාමයක් අවැසිය මොහොතක් නුඹ හා තනිවෙන්න සිය දහස්වර කවි ලියන්න  කියන්න තාරුකා මේ අහන්න තවත් එක්  නිමේෂයයි ඇත්තේ ගුලිවෙන්න ආරංචියේ හැටියට  ජීවිතය හැරදා යන්නයි නුඹේ ලෑස්තිය  ඉතිං හුගක් පෙම්වතුන් නුඹ මැරී වැටෙනකොට එකිනෙකා පතමින් ප්‍රාර්ථනා දල්වයි තාරුකා ඇයත් ගිය අහසින්  නුඹත් යනවද නොකිය රහසින් නුඹත් ආසැති බොහො කල් බලන් ඉන්නැති ඉරි තැලුණු  භූපතිව සිඹින්න......

ජීව්තෙන් එක් පෙත්තක්

Image
  තත්පර මිනිත්තු පැය ගෙවී දවස නිම වෙන්නේ හෙටත් දිනයකි එයම සිහියට        නැගෙන්නෙ දිනෙන් දින දවස් සති මාස              ගෙවෙන්නෙ නැත දිවිය දවසකට පමණක්     නිමාවෙන්නෙ බහ තෝරන වියේ සිට ශිල්ප ටික       ගන්නවා  ගත් ශිල්ප පෙන්නලා විභාගය              ලියනවා පෙළින් පෙළ නැගිටලා කදු පන්ති        නගිනවා දිනෙන් දින මේ යන්නෙ කොහේදැයි  සිතෙනවා හිරු රැස් දිලෙන විට දවසක්ය             කියනවා වැහි බින්දු එකතු වී සයුරකට           වැටෙනවා සෙනෙහසට ඉඩක් දී දොර පියන්       හැරෙනවා දිවිගමනක්ට තවත් එක් දොරක්         ඇරෙනවා මිල මුදල් යාන වාහන පස්සෙ අපි         දුවනවා නැති වූ දිනෙක එය සෝ සුසුම්              හලනවා සෝ සුසුම් මැදින් අපෙ ජීවිතේ         ගෙවෙනවා ලී පෙට්ටි...

පුරුදු සෙනෙහසේ සුවදට

Image
දස දහස් නෙත් අතරේ මා පසු කර යන දෙනෙතක්... මා නැවත හැරී බැලුවෙමි සුපුරුදු වූ එම දෙනෙත දෙස නැවත නැවත බැලීමි සසරේ අතීතාවර්ජනාවේ  හෙවනැල්ල,ශක්තිය වූ දෙනෙතයි ඒ.. පුරුදු සෙනෙහසට.... දහස් නෙත් අතරේ අතරමං වුන දෙනෙතක් හැදින ගතිමි,නැවතුනිමි ඒ දෙනෙත් සමීපවම පුරුදු සෙනෙහසේ සුවදට.... ජීවිතේ දුක් අදෝනි අසනි වැසි තව තවත් වසීවි   තෙමාවි  දියකර දමාවි මැවූ සිහින හදවතේ සේයාවකුදු  නොපෙනෙන මායිමේදිත්, සිටිනු ඇත ඒ දෙනෙත්  මා අසළින් ම මතුවටත් පුරුදු සෙනෙහසේ සුවදට......

අලියා වංගුවේ තනියා

Image
හදයගෙ නොකඩවන උම්බෑ  නගන හඩින් ආයුධ ගබඩාවේ උදැල්ලේ තැලුම් හඩින් පන් මල්ලේ ගිරේ ජිරි ජිරි හඩන හඩින් ඉන්තේරුවෙන් කිවහැක අප්පච්චිගේ හඩ  නොනිමෙන විදුලි පන්දම මේසේ උඩ  හැමදාම බැනුම් අහන පූසි දොරකඩ වීරේ මාමා ඇවිත් නැමුව ද ගොක්කොළ හදිසියේ පීරූ කෙස් අම්මා බිම හළ ගජමිතුරු සෝභිත ලෙසින් ඇවිදින් හඩ් යට දාදු කෙළී,තැනක කැරම් වලි දොදොල් කොකිස් මුං අළුවා කෝපි තොල ගගා ඇත හැමෝම යකඩ පුටුවල  අඹ ගහේ පීකර, පුංචි  මැටි පැලට වදින, විරිදු බණ  කැසට් බණ  බුදු බණ  නොකී බණ සමිතියේ සේනාවෝ ඇවිත් කුස්සිය වටකර නොකෑ රස උතුරන, දිව බොජුන් සාදන මුරුජා හී සර විද්දත් මත් වූ නාලාගිරිට අලියා වංගුවේ හිටියද මග රැකගෙන අප්පච්චි නැතත් ඇවිදින් කාපල්ලා හේනට වෙන්කළ කොටස තියේ තාමත් උඹලට සේන මාමාගේ මළගම් දවසේ අප්පච්චි කීවා මෙහෙම කිරි නැතුව කාශ්ටක කාලේ කෙනෙරට සමූපේ කිරි කලද අරගෙන පෙව්වලු පුංචි සන්දියේ "අලියා වංගුවේ තනියාට"

සැබෑ වූ හීනයම හීනයක් වන්නට

Image
හීන දැක්කෙමි වසත් ගණනක්, ඔබ තුරුළට එන්නට, ඔබේ උණුසුම විදින්නට හීනය සැබෑ විය. නමුත්,අවසන නෙතග කදුලක් රැදුණි හදවත කීතු කීතු යන්නට  ඉරා දැමුවෙමි ඒ මගේ සැබෑ වූ හීනයම විය යළි යළිත් සෙවිවෙමි මා  නව මං, සැබෑ වූ හීනයම හීනයක් වන්නට... කියමි මා මෙලෙස පමණක්  සියල්ලන්ටම නොලැබෙන හීනයකි විරළ සැබෑ විය නමුත්, යළි යළිත් කියමි සැබෑ වූ හීනයම හීනයක් වන්නට...

පිළිකා වාට්ටුවේ රොබෝවරුන්ගේ කතාව

Image
හිතත් ගතත් සලිත වූ  මාස එකහමාරක් විය එය මට පිළිකා වාට්ටුවයි එය අනුරපුරේ ඇති  දිනක් සිතුනි මට  මෙහි සිටින්නේ රෝගීන් නොව  රොබෝවරුන් බව විටින් විට වඩීවි දේවතාවුන්, ලියති මොනවදෝ වාර්තාවක්, නියම කරයි අළුත් බෙහෙත් වට්ටෝරුවක්... දවසෙන් එක වරුවක දී, රෝද පුටුවල ලැගගත් රොබෝවරු  යයි එක පෙළට කොහේදෝ...??? ඇසුවාමනම් කීවෙ විදුලිය අල්ලන්න කියල සමහරෙක්නම් සතුටෙන් පිටව යයි, තවත් සමහරෙක්නම් මුහුණතෙක්  සුදු රෙද්දෙන් වසාගෙන  සැගවී,පිටව යයි කොහේදෝ ...? නැවත,එදෙසට නොඑන බව කියාගෙනම  රොබෝවරු ......

සමුගෙන යන මල්ලිගෙන් අක්කාට පැනයක්

Image
එකම කුසේ ඉපදුනාට, අම්මා උඹට එක පෝෂණයක්  දීලා නැහැ අක්කේ.. ඒකයි මං අද මෙහෙම යන්නෙ ජීවිතෙන්ම... දන්නෙනම් පසුය මම උඹේ මුල් පුරුක මගේ තාත්තා නොවන බව. නමුදු,මම එක දෙයක්  උඹෙන් අහන්නම් අක්කේ, කවදාවත් තාත්තා එහෙමයි කියල උඹට කිසි වෙනසක්  කළා ද?ඔවු කවමදාකවත්....? උඹට අපේ සහෝදර බැම්මත්, පිය සෙනෙහසේ බැම්මත් , සුණු විසුණු කරන්න තරම් ආයුධ ආවේ කොහොමද අක්කේ?? උඹේ සිතටත්,උඹේ ගතටත්?? අවසානයේ අප දෙදෙනට අඩි හයක් පස් යටට යවන්න උඹ සමත් වුනා,නිහඩවම  සතුට භුක්තිවින්දා උඹ දැක්කා මම එය,  ගෙදර උළුවස්ස උඩ ඉදන්... අපි අතර බැදීම් ඔක්කොම  කීතු කීතු කරල දැම්ම මූල බීජය ඉඩම් තණ්හාවම නේද අක්කේ??? ඒත්,කමක් නැත , මට තනියක් නැහැ මගේ තාත්තත්  මං එනකම් බලන් ඉන්නවා. මම යන්නම් අක්කේ... කිසිම දවසක නැත  තරහක්,වෛරයක් මගේ සිතේ උඹෙ නමින්...  

මලගම දා කතාකරපු සුමිතුරෝ.

Image
    හැමදාම උදේ ඉදන් හවස් වෙනකම්  හරි හරියට වැඩ කරපු  උඹලා අද නිමාඩු අරන් ද? නැහැ නැහැ අපි ගත්තෙ අදට  විතරක් නෙමෙයි, ආයේ සදහටම..... ඒ මොකද උඹලා සදහටම ??? අද ඉදන් නිහඩවම සතුට භුක්තිවින්දාට තේරේවි මන් නැතිව පවතින්න නොහැකිබව හිහ්....හිහ්....හී.... කියා එයට අපි සිනහවක් නැගුවාට හත් දොහක් යද්දීම තේරුනා කීව දෙය තල්ලු වී  වීසි වී ගියේ  කුස්සියේ අගුපිලට අපි... යළිත් හරි හරියට වැඩ කරන්න  යන්න නැහැ කවදාවත් නැවත එන්නෙ නැතිද ඔබ?? මග බලා සිටිමි අප ඔබේ පැමිණීම  දෑස් දල්වා, කුස්සියේ අගුපිලේ..... ඔබේ මලගම දා කතා කරන අපි, උබේ අවුරුදු පනහක් වයස සුමිතුරොයි....

චුල්ලධනුද්ධරගේ බිරිදක්

Image
පියතැබුවෙනම් යන්නට සිතාගෙනය, මුළු දිවිකතරම ඇය සමග.. නමුදු ඇතුළු වූයේ යුද්ධයකටය  රා ගිනි මැද්දේ.. නොසිතුවෙමි, නමුත් විශ්වාසය නමැති උල් හීයෙන් ඔබ මා හද විදදැම්මේය... වෙඩි උන්ඩයක් වූයේ නම් නිමේෂයකි ගතත් සිතත් නිසොල්මන් ය.. ඔබ විද්දේ හීයකිනි මැරි මැරී උපදින්න හැම නිමේෂයකම නොසිතුවෙමි ඔබම මා හද මෙලෙස  වියරුවෙන් මරා දමන බව කිසිදින ඔබත්,චුල්ලධනුද්ධරගේ බිරිදක් ම  විය මට...

පොරොන්දුව

Image
  බොහෝ දේ කීවෙමි, බොහෝ දේ අසාගෙන සිටියෙමි සිටගතිමි ඔබේ හදවත අභිමුවද, පොරොන්දුවක් වුණෙමි මා කඩ කළ නොහැක කිසිදින නමුදු මා යන බව සැබෑවකි  මගේ උරුමය වෙත.. එය වැළැක්විය නොහැක ඔබට ද,ඔබේ හදවතට ද,මගේ හෘද සාක්ෂියටද, යන්නෙමි උරුමය වෙත  නමුදු, රකිනෙමි දිවිතුරා පොරොන්දුව ....

මා දුටු දෙයින්...

Image
මගේ ලෝකයෙන් නික්මිලා ඔබයි  ගියේ එදා සැගවිලා... සැගවුනේ කොහිද නුඹ? නැත,ඒ නුඹ නොවේ.. මට අයිති හදවතය,එකම වස්තුවය  නුඹ සැගවූයේ , මා සෙවුවෙමි තව තවත් සෙවුවෙමි, ඇසුවෙමි මා මගේ වස්තුව සැගවූයේ  කොහිදැයි උඹෙන්, ආයාචනා කළෙමි... නැත කිසිවක් පිළිතුරු ඔබේ මුවින්. පිළිමයක් පමණක් විය ඔබ මා ඉදිරිපිට  තව දුරටත් හැගීම් නොමැති  හදවත ගලක් වී  ඉදිරියට පැමිණ ඇති බව මට පසක් විය මා දුටු දෙයින්..... යන්න නුඹ මා නැත නවතන්නේ  මන්ද,නුඹ ගිහින් බොහෝ දුර  පසක් විය එය මට,මා දුටු දෙයින්... යන්න හැරී නොබලා මදෙස උඹ... සුභ පතමි මම, හැමදාම සතුටින් දිවිගෙවන්න, සිගිති දුවණිය සමග මේ කුරුළු ජෝඩුවට... මා මැවූ සිහිනයම මා දකිමි ඔබෙන් අද... සැබෑ වී ඇති මා දුටු දෙයයි එය...😔😔