අලියා වංගුවේ තනියා

හදයගෙ නොකඩවන උම්බෑ  නගන හඩින්

ආයුධ ගබඩාවේ උදැල්ලේ තැලුම් හඩින්

පන් මල්ලේ ගිරේ ජිරි ජිරි හඩන හඩින්

ඉන්තේරුවෙන් කිවහැක අප්පච්චිගේ හඩ 


නොනිමෙන විදුලි පන්දම මේසේ උඩ 

හැමදාම බැනුම් අහන පූසි දොරකඩ

වීරේ මාමා ඇවිත් නැමුව ද ගොක්කොළ

හදිසියේ පීරූ කෙස් අම්මා බිම හළ


ගජමිතුරු සෝභිත ලෙසින් ඇවිදින්

හඩ් යට දාදු කෙළී,තැනක කැරම් වලි

දොදොල් කොකිස් මුං අළුවා කෝපි

තොල ගගා ඇත හැමෝම යකඩ පුටුවල 


අඹ ගහේ පීකර, පුංචි  මැටි පැලට වදින,

විරිදු බණ  කැසට් බණ  බුදු බණ  නොකී බණ

සමිතියේ සේනාවෝ ඇවිත් කුස්සිය වටකර

නොකෑ රස උතුරන, දිව බොජුන් සාදන


මුරුජා හී සර විද්දත් මත් වූ නාලාගිරිට

අලියා වංගුවේ හිටියද මග රැකගෙන

අප්පච්චි නැතත් ඇවිදින් කාපල්ලා හේනට

වෙන්කළ කොටස තියේ තාමත් උඹලට


සේන මාමාගේ මළගම් දවසේ

අප්පච්චි කීවා මෙහෙම

කිරි නැතුව කාශ්ටක කාලේ කෙනෙරට

සමූපේ කිරි කලද අරගෙන පෙව්වලු

පුංචි සන්දියේ "අලියා වංගුවේ තනියාට"




























Comments

Post a Comment