මලගම දා කතාකරපු සුමිතුරෝ.

   


හැමදාම උදේ ඉදන් හවස් වෙනකම් 

හරි හරියට වැඩ කරපු 

උඹලා අද නිමාඩු අරන් ද?

නැහැ නැහැ අපි ගත්තෙ අදට 

විතරක් නෙමෙයි,

ආයේ සදහටම.....

ඒ මොකද උඹලා සදහටම ???


අද ඉදන් නිහඩවම සතුට භුක්තිවින්දාට

තේරේවි මන් නැතිව පවතින්න නොහැකිබව

හිහ්....හිහ්....හී....

කියා එයට අපි සිනහවක් නැගුවාට

හත් දොහක් යද්දීම තේරුනා කීව දෙය

තල්ලු වී  වීසි වී ගියේ 

කුස්සියේ අගුපිලට අපි...

යළිත් හරි හරියට වැඩ කරන්න 

යන්න නැහැ කවදාවත්

නැවත එන්නෙ නැතිද ඔබ??

මග බලා සිටිමි අප ඔබේ පැමිණීම 

දෑස් දල්වා, කුස්සියේ අගුපිලේ.....

ඔබේ මලගම දා කතා කරන අපි,

උබේ අවුරුදු පනහක් වයස සුමිතුරොයි....


Comments

Post a Comment