මා ඔබේ පතිනියයි කන්නගී

ඇස් ගෙවී යනතුරුත් 
බලා සිටියේ ඔබේ පැමිණීමය
දින සති මාස ගතවිය නමුත් ඔබ නැත
තතු සැල වූ විගස ගියේ
මාධවියගේ මල් උයනට,
දුටිමි මා,  
හදවත නැවතිනි
ඇස් නිලන්කාර විය
එය පමණක් මතකය...

මම මගේ යහනාවේ 
තනිවම වැතිරෙමි
ඔබේ මතක සුවද තුරුළු කරන්
ඔබ ඇත ගිනියහනාවක වැතිර
රැය පහන් කරන්...
නැවත වඩින්නේ කවදාද හිමිසද
කන්නගී බලා සිටී ඔබ වෙනුවෙන් 
කෝවලන් සමිද,,,,,
ඔබට වැටහෙන්නේ කෙදිනකද එය?

ජගතෙක් ඇතිද ඉරණම
 වෙනස් කළ අයෙකු ලොවේ..
නිමිති කී ලෙසම ඉරණම් ගමන ගියේ..
අවසන ගල්කුළ  මත නොසෙල් වී සිටිය ද
නොදැක්කෙම් ද මගේ පතිවතේ බලය
දැනුනේ නැතිද වැතිරී සිටි 
පර්වතේ උණුසුම,
දැවී අළු වී යන ගින්දරේ උණුසුම
මගේ කෝවලන් සමිදුනි නුඹට....

වම් පියවුර කඩා ගැසුවේ පර්වතය මත
කෝවලන් සමිදුනි
මගේ පතිවතේ නමිනි
ගිනිගෙන දැල්වුනි සිසාරා ඇති මුළු පඩිරටම...
මා ඔබේ පතිනියයි කන්නගී



Comments