සමුගෙන යන මල්ලිගෙන් අක්කාට පැනයක්
එකම කුසේ ඉපදුනාට,
අම්මා උඹට එක පෝෂණයක්
දීලා නැහැ අක්කේ..
ඒකයි මං අද මෙහෙම යන්නෙ
ජීවිතෙන්ම...
දන්නෙනම් පසුය මම උඹේ
මුල් පුරුක මගේ තාත්තා නොවන බව.
නමුදු,මම එක දෙයක්
උඹෙන් අහන්නම් අක්කේ,
කවදාවත් තාත්තා එහෙමයි
කියල උඹට කිසි වෙනසක්
කළා ද?ඔවු කවමදාකවත්....?
උඹට අපේ සහෝදර බැම්මත්,
පිය සෙනෙහසේ බැම්මත් ,
සුණු විසුණු කරන්න තරම්
ආයුධ ආවේ කොහොමද අක්කේ??
උඹේ සිතටත්,උඹේ ගතටත්??
අවසානයේ අප දෙදෙනට
අඩි හයක් පස් යටට යවන්න
උඹ සමත් වුනා,නිහඩවම
සතුට භුක්තිවින්දා උඹ
දැක්කා මම එය,
ගෙදර උළුවස්ස උඩ ඉදන්...
අපි අතර බැදීම් ඔක්කොම
කීතු කීතු කරල දැම්ම මූල බීජය
ඉඩම් තණ්හාවම නේද අක්කේ???
ඒත්,කමක් නැත ,
මට තනියක් නැහැ
මගේ තාත්තත්
මං එනකම් බලන් ඉන්නවා.
මම යන්නම් අක්කේ...
කිසිම දවසක නැත
තරහක්,වෛරයක්
මගේ සිතේ උඹෙ නමින්...
❤❤
ReplyDelete