තාරුකා
අරුන්දතී තරුව
ඔව් නුඹමයි තාරුකා
ඈ නැති අහසට
කණ එලියකින් බැබලුණ
විරාමයක් අවැසිය
මොහොතක්
නුඹ හා තනිවෙන්න
සිය දහස්වර කවි
ලියන්න
කියන්න
තාරුකා
මේ අහන්න
තවත් එක්
නිමේෂයයි ඇත්තේ
ගුලිවෙන්න
ආරංචියේ හැටියට
ජීවිතය හැරදා
යන්නයි නුඹේ ලෑස්තිය
ඉතිං හුගක් පෙම්වතුන්
නුඹ මැරී වැටෙනකොට
එකිනෙකා පතමින්
ප්‍රාර්ථනා දල්වයි තාරුකා
ඇයත් ගිය අහසින්
නුඹත් යනවද
නොකිය රහසින්
නුඹත් ආසැති
බොහො කල් බලන් ඉන්නැති
ඉරි තැලුණු
භූපතිව සිඹින්න......
Comments
Post a Comment