සැබෑ වූ හීනයම හීනයක් වන්නට
හීන දැක්කෙමි වසත් ගණනක්,
ඔබ තුරුළට එන්නට,
ඔබේ උණුසුම විදින්නට
හීනය සැබෑ විය.
නමුත්,අවසන නෙතග කදුලක් රැදුණි
හදවත කීතු කීතු යන්නට
ඉරා දැමුවෙමි
ඒ මගේ සැබෑ වූ හීනයම විය
යළි යළිත් සෙවිවෙමි මා
නව මං,
සැබෑ වූ හීනයම හීනයක් වන්නට...
කියමි මා මෙලෙස පමණක්
සියල්ලන්ටම නොලැබෙන හීනයකි විරළ
සැබෑ විය නමුත්, යළි යළිත් කියමි
සැබෑ වූ හීනයම හීනයක් වන්නට...
Comments
Post a Comment