පොරොන්දුව
බොහෝ දේ කීවෙමි,
බොහෝ දේ අසාගෙන සිටියෙමි
සිටගතිමි ඔබේ හදවත අභිමුවද,
පොරොන්දුවක් වුණෙමි මා
කඩ කළ නොහැක කිසිදින
නමුදු මා යන බව සැබෑවකි
මගේ උරුමය වෙත..
එය වැළැක්විය නොහැක
ඔබට ද,ඔබේ හදවතට ද,මගේ හෘද සාක්ෂියටද,
යන්නෙමි උරුමය වෙත
නමුදු,
රකිනෙමි දිවිතුරා පොරොන්දුව ....
💖💖
ReplyDelete