ජීව්තෙන් එක් පෙත්තක්

 

තත්පර මිනිත්තු පැය ගෙවී දවස නිම වෙන්නේ හෙටත් දිනයකි එයම සිහියට        නැගෙන්නෙ
දිනෙන් දින දවස් සති මාස              ගෙවෙන්නෙ
නැත දිවිය දවසකට පමණක්     නිමාවෙන්නෙ

බහ තෝරන වියේ සිට ශිල්ප ටික       ගන්නවා 
ගත් ශිල්ප පෙන්නලා විභාගය              ලියනවා
පෙළින් පෙළ නැගිටලා කදු පන්ති        නගිනවා
දිනෙන් දින මේ යන්නෙ කොහේදැයි  සිතෙනවා

හිරු රැස් දිලෙන විට දවසක්ය             කියනවා
වැහි බින්දු එකතු වී සයුරකට           වැටෙනවා
සෙනෙහසට ඉඩක් දී දොර පියන්       හැරෙනවා
දිවිගමනක්ට තවත් එක් දොරක්         ඇරෙනවා

මිල මුදල් යාන වාහන පස්සෙ අපි         දුවනවා
නැති වූ දිනෙක එය සෝ සුසුම්              හලනවා
සෝ සුසුම් මැදින් අපෙ ජීවිතේ         ගෙවෙනවා
ලී පෙට්ටියකට වී දිවි ගිමන්                  හරිනවා

Comments