පිළිකා වාට්ටුවේ රොබෝවරුන්ගේ කතාව

හිතත් ගතත් සලිත වූ 

මාස එකහමාරක් විය එය මට

පිළිකා වාට්ටුවයි එය අනුරපුරේ ඇති 

දිනක් සිතුනි මට 

මෙහි සිටින්නේ රෝගීන් නොව 

රොබෝවරුන් බව


විටින් විට වඩීවි දේවතාවුන්,

ලියති මොනවදෝ වාර්තාවක්,

නියම කරයි අළුත් බෙහෙත් වට්ටෝරුවක්...


දවසෙන් එක වරුවක දී,

රෝද පුටුවල ලැගගත් රොබෝවරු 

යයි එක පෙළට කොහේදෝ...???

ඇසුවාමනම් කීවෙ විදුලිය අල්ලන්න කියල


සමහරෙක්නම් සතුටෙන් පිටව යයි,

තවත් සමහරෙක්නම් මුහුණතෙක් 

සුදු රෙද්දෙන් වසාගෙන 

සැගවී,පිටව යයි කොහේදෝ ...?

නැවත,එදෙසට නොඑන බව කියාගෙනම 

රොබෝවරු ......










Comments