චුල්ලධනුද්ධරගේ බිරිදක්


පියතැබුවෙනම් යන්නට සිතාගෙනය,
මුළු දිවිකතරම ඇය සමග..
නමුදු ඇතුළු වූයේ යුද්ධයකටය 
රා ගිනි මැද්දේ..
නොසිතුවෙමි,
නමුත් විශ්වාසය නමැති උල් හීයෙන් ඔබ මා හද විදදැම්මේය...
වෙඩි උන්ඩයක් වූයේ නම් නිමේෂයකි
ගතත් සිතත් නිසොල්මන් ය..
ඔබ විද්දේ හීයකිනි
මැරි මැරී උපදින්න හැම නිමේෂයකම
නොසිතුවෙමි ඔබම මා හද මෙලෙස 
වියරුවෙන් මරා දමන බව කිසිදින
ඔබත්,චුල්ලධනුද්ධරගේ බිරිදක් ම 
විය මට...

Comments

Post a Comment