කසාවතට පෙම් කල සිතක්

 

මාල හතක් ගෙලේ දමා
ඔසැරියකින් සැරසුනාට
මනමාලියක් වුනෙ එදින
ආසාව ඔබේ සිදලන්නට 
පමණකී අම්මේ....

පියවරක්නම් තැබුවෙ 
විශ්වය නම් මායාවේ
අගක් සොයාගෙන යන්නටය
දෙනු මැන අවසර අම්මේ.....

කටුසු වෙසක් මෙන් මාරු විය
මංගල ඇදුමින් කසාවතට ....
ආශාවන් සැබෑ විය
එකම දින,
ඔබ මගේ මංගල ඇදුමිනුත්,
මම මගේ කසාවතෙනුත්

එකම එක අමුතුම ප්‍රේමයක්,
අමුතුම ආසාවක්,
කසාවතට පෙම් කළ සිතක්...

Comments

Post a Comment