මා දුටු දෙයින්...


මගේ ලෝකයෙන් නික්මිලා ඔබයි 

ගියේ එදා සැගවිලා...

සැගවුනේ කොහිද නුඹ?

නැත,ඒ නුඹ නොවේ..

මට අයිති හදවතය,එකම වස්තුවය 

නුඹ සැගවූයේ ,

මා සෙවුවෙමි තව තවත් සෙවුවෙමි,

ඇසුවෙමි මා මගේ වස්තුව සැගවූයේ 

කොහිදැයි උඹෙන්,

ආයාචනා කළෙමි...

නැත කිසිවක් පිළිතුරු ඔබේ මුවින්.

පිළිමයක් පමණක් විය ඔබ මා ඉදිරිපිට 

තව දුරටත් හැගීම් නොමැති 

හදවත ගලක් වී 

ඉදිරියට පැමිණ ඇති බව මට පසක් විය

මා දුටු දෙයින්.....

යන්න නුඹ මා නැත නවතන්නේ 

මන්ද,නුඹ ගිහින් බොහෝ දුර 

පසක් විය එය මට,මා දුටු දෙයින්...

යන්න හැරී නොබලා මදෙස උඹ...

සුභ පතමි මම,

හැමදාම සතුටින් දිවිගෙවන්න,

සිගිති දුවණිය සමග මේ කුරුළු ජෝඩුවට...

මා මැවූ සිහිනයම මා දකිමි ඔබෙන් අද...

සැබෑ වී ඇති මා දුටු දෙයයි එය...😔😔


මා දුටු දෙයින්..





Comments

Post a Comment