පුරුදු සෙනෙහසේ සුවදට
දස දහස් නෙත් අතරේ
මා පසු කර යන දෙනෙතක්...
මා නැවත හැරී බැලුවෙමි
සුපුරුදු වූ එම දෙනෙත දෙස
නැවත නැවත බැලීමි
සසරේ අතීතාවර්ජනාවේ
හෙවනැල්ල,ශක්තිය වූ දෙනෙතයි ඒ..
පුරුදු සෙනෙහසට....
දහස් නෙත් අතරේ
අතරමං වුන දෙනෙතක්
හැදින ගතිමි,නැවතුනිමි
ඒ දෙනෙත් සමීපවම
පුරුදු සෙනෙහසේ සුවදට....
ජීවිතේ දුක් අදෝනි අසනි වැසි
තව තවත් වසීවි තෙමාවි
දියකර දමාවි මැවූ සිහින
හදවතේ සේයාවකුදු
නොපෙනෙන මායිමේදිත්,
සිටිනු ඇත ඒ දෙනෙත්
මා අසළින් ම මතුවටත්
Comments
Post a Comment