Posts

සබරෙ අළුත් නිවහනට පැමිණි මුල් දවස.........

 සබරෙ අළුත් නිවහනට පැමිණි මුල් දවස......... වසත් කල් පසුකරමින් පැමිණ ඇත බොහො දුරක්, සොදුරු මතක පිටු අතරට එකතුවන්න තව මතකයන්, පැමිණියා සබරෙට වසන්තය අරන්, මල් පිරුණු වෙසක් මහේ දවසක්ය ඒ තෙවෙනි දින..... මහ ගොඩක් හීන හදවතේ ගුලි කරන්, කදුළු පිරි දෙනෙතින් බලා සිටියේ දෙනෙත් අයා.... වලව ගේට්ටුවේ යකඩ කූරුවල අතැගිලි රදවමින්, බලා සිටියේ ගොළුව හදවත, කියාගන්නට බැරි දුකක්,සතුටත් හදවතේ හිර කරන්, බොදව නොපෙනී යන ගෙදර බුදුන් වූ මගේ අම්මව...... උරුම වූ නව නිවහන දෙසට හැරී බලමින්, අඩියෙන් අඩිය පියවර තැබුවා, පාරමීදම් පිරූ අනාගතයට පියවරක් තැබුවෙමි මම එලෙස, එන්නම් අම්මේ,මම විගසින් මගේ සැබෑ වූ හීනයට දුවලා...

පළමු අභියෝගයේ මතකාවර්ජනය..........

 පළමු  අභියෝගයේ මතකාවර්ජනය.......... ලක් මවගෙ සිව් දෙස සිටින දරුවන්කැළක්, පැමිණියා සබරෙ මව් තුරුළට, සබරෙ මව්ගෙ සෙනෙහසෙන් නැහැවෙන්න....... එකට එකමුතුව ශක්තිමත් යදම්වැලක්, ඇත අපිට දැන් ඉතිම්..... සාර්ථකව නිම කළ අපිට ලැබුණු පළමු අභියෝගය........ කියන්නේ කෙසේ,ඒ යදම්බැදි යාළුකම්, තව තවත් ශක්තිමත් වෙමින්, නිම කළ පළමු අභියෝගය, අපූරුයි ......එය වෙසක් කූඩුවකි කැරකෙන, පුංචි අටපට්ටම් කූඩු පන්සීයක් ද විය ඒ අතර, අටපට්ටමේ හැඩය හරියටම නංවන්න, අපි කරපු වෑයම හරිම අපූරුයි....... සිනාසෙමින්,කියමින් නොයෙක් වූ රසකතා, අප ගතකරපු කාලයේ මතකය , හරි සුන්දරයි...... ඉන්පසුව අපි පියමැන්න කිංචිකුලම පන්සල තවත් සොදුරු මතකයක්........

කසාවතට පෙම් කල සිතක්

Image
  මාල හතක් ගෙලේ දමා ඔසැරියකින් සැරසුනාට මනමාලියක් වුනෙ එදින ආසාව ඔබේ සිදලන්නට  පමණකී අම්මේ.... පියවරක්නම් තැබුවෙ  විශ්වය නම් මායාවේ අගක් සොයාගෙන යන්නටය දෙනු මැන අවසර අම්මේ..... කටුසු වෙසක් මෙන් මාරු විය මංගල ඇදුමින් කසාවතට .... ආශාවන් සැබෑ විය එකම දින, ඔබ මගේ මංගල ඇදුමිනුත්, මම මගේ කසාවතෙනුත් එකම එක අමුතුම ප්‍රේමයක්, අමුතුම ආසාවක්, කසාවතට පෙම් කළ සිතක්...

මා ඔබේ පතිනියයි කන්නගී

Image
ඇස් ගෙවී යනතුරුත්  බලා සිටියේ ඔබේ පැමිණීමය දින සති මාස ගතවිය නමුත් ඔබ නැත තතු සැල වූ විගස ගියේ මාධවියගේ මල් උයනට, දුටිමි මා,   හදවත නැවතිනි ඇස් නිලන්කාර විය එය පමණක් මතකය... මම මගේ යහනාවේ  තනිවම වැතිරෙමි ඔබේ මතක සුවද තුරුළු කරන් ඔබ ඇත ගිනියහනාවක වැතිර රැය පහන් කරන්... නැවත වඩින්නේ කවදාද හිමිසද කන්නගී බලා සිටී ඔබ වෙනුවෙන්  කෝවලන් සමිද,,,,, ඔබට වැටහෙන්නේ කෙදිනකද එය? ජගතෙක් ඇතිද ඉරණම  වෙනස් කළ අයෙකු ලොවේ.. නිමිති කී ලෙසම ඉරණම් ගමන ගියේ.. අවසන ගල්කුළ  මත නොසෙල් වී සිටිය ද නොදැක්කෙම් ද මගේ පතිවතේ බලය දැනුනේ නැතිද වැතිරී සිටි  පර්වතේ උණුසුම, දැවී අළු වී යන ගින්දරේ උණුසුම මගේ කෝවලන් සමිදුනි නුඹට.... වම් පියවුර කඩා ගැසුවේ පර්වතය මත කෝවලන් සමිදුනි මගේ පතිවතේ නමිනි ගිනිගෙන දැල්වුනි සිසාරා ඇති මුළු පඩිරටම... මා ඔබේ පතිනියයි කන්නගී

තාරුකා

Image
 අරුන්දතී තරුව ඔව් නුඹමයි තාරුකා ඈ නැති අහසට කණ එලියකින් බැබලුණ විරාමයක් අවැසිය මොහොතක් නුඹ හා තනිවෙන්න සිය දහස්වර කවි ලියන්න  කියන්න තාරුකා මේ අහන්න තවත් එක්  නිමේෂයයි ඇත්තේ ගුලිවෙන්න ආරංචියේ හැටියට  ජීවිතය හැරදා යන්නයි නුඹේ ලෑස්තිය  ඉතිං හුගක් පෙම්වතුන් නුඹ මැරී වැටෙනකොට එකිනෙකා පතමින් ප්‍රාර්ථනා දල්වයි තාරුකා ඇයත් ගිය අහසින්  නුඹත් යනවද නොකිය රහසින් නුඹත් ආසැති බොහො කල් බලන් ඉන්නැති ඉරි තැලුණු  භූපතිව සිඹින්න......

ජීව්තෙන් එක් පෙත්තක්

Image
  තත්පර මිනිත්තු පැය ගෙවී දවස නිම වෙන්නේ හෙටත් දිනයකි එයම සිහියට        නැගෙන්නෙ දිනෙන් දින දවස් සති මාස              ගෙවෙන්නෙ නැත දිවිය දවසකට පමණක්     නිමාවෙන්නෙ බහ තෝරන වියේ සිට ශිල්ප ටික       ගන්නවා  ගත් ශිල්ප පෙන්නලා විභාගය              ලියනවා පෙළින් පෙළ නැගිටලා කදු පන්ති        නගිනවා දිනෙන් දින මේ යන්නෙ කොහේදැයි  සිතෙනවා හිරු රැස් දිලෙන විට දවසක්ය             කියනවා වැහි බින්දු එකතු වී සයුරකට           වැටෙනවා සෙනෙහසට ඉඩක් දී දොර පියන්       හැරෙනවා දිවිගමනක්ට තවත් එක් දොරක්         ඇරෙනවා මිල මුදල් යාන වාහන පස්සෙ අපි         දුවනවා නැති වූ දිනෙක එය සෝ සුසුම්              හලනවා සෝ සුසුම් මැදින් අපෙ ජීවිතේ         ගෙවෙනවා ලී පෙට්ටි...

පුරුදු සෙනෙහසේ සුවදට

Image
දස දහස් නෙත් අතරේ මා පසු කර යන දෙනෙතක්... මා නැවත හැරී බැලුවෙමි සුපුරුදු වූ එම දෙනෙත දෙස නැවත නැවත බැලීමි සසරේ අතීතාවර්ජනාවේ  හෙවනැල්ල,ශක්තිය වූ දෙනෙතයි ඒ.. පුරුදු සෙනෙහසට.... දහස් නෙත් අතරේ අතරමං වුන දෙනෙතක් හැදින ගතිමි,නැවතුනිමි ඒ දෙනෙත් සමීපවම පුරුදු සෙනෙහසේ සුවදට.... ජීවිතේ දුක් අදෝනි අසනි වැසි තව තවත් වසීවි   තෙමාවි  දියකර දමාවි මැවූ සිහින හදවතේ සේයාවකුදු  නොපෙනෙන මායිමේදිත්, සිටිනු ඇත ඒ දෙනෙත්  මා අසළින් ම මතුවටත් පුරුදු සෙනෙහසේ සුවදට......