සබරෙ අළුත් නිවහනට පැමිණි මුල් දවස.........

 සබරෙ අළුත් නිවහනට පැමිණි මුල් දවස.........


වසත් කල් පසුකරමින් පැමිණ ඇත බොහො දුරක්,

සොදුරු මතක පිටු අතරට එකතුවන්න තව මතකයන්,

පැමිණියා සබරෙට වසන්තය අරන්,

මල් පිරුණු වෙසක් මහේ දවසක්ය ඒ තෙවෙනි දින.....


මහ ගොඩක් හීන හදවතේ ගුලි කරන්,

කදුළු පිරි දෙනෙතින් බලා සිටියේ දෙනෙත් අයා....

වලව ගේට්ටුවේ යකඩ කූරුවල අතැගිලි රදවමින්,

බලා සිටියේ ගොළුව හදවත,

කියාගන්නට බැරි දුකක්,සතුටත් හදවතේ හිර කරන්,

බොදව නොපෙනී යන ගෙදර බුදුන් වූ මගේ අම්මව......


උරුම වූ නව නිවහන දෙසට හැරී බලමින්,

අඩියෙන් අඩිය පියවර තැබුවා,

පාරමීදම් පිරූ අනාගතයට පියවරක් තැබුවෙමි මම එලෙස,

එන්නම් අම්මේ,මම විගසින් මගේ සැබෑ වූ හීනයට දුවලා...

Comments