පළමු අභියෝගයේ මතකාවර්ජනය..........
පළමු අභියෝගයේ මතකාවර්ජනය..........
ලක් මවගෙ සිව් දෙස සිටින දරුවන්කැළක්,
පැමිණියා සබරෙ මව් තුරුළට,
සබරෙ මව්ගෙ සෙනෙහසෙන් නැහැවෙන්න.......
එකට එකමුතුව ශක්තිමත් යදම්වැලක්,
ඇත අපිට දැන් ඉතිම්.....
සාර්ථකව නිම කළ අපිට ලැබුණු පළමු අභියෝගය........
කියන්නේ කෙසේ,ඒ යදම්බැදි යාළුකම්,
තව තවත් ශක්තිමත් වෙමින්,
නිම කළ පළමු අභියෝගය,
අපූරුයි ......එය වෙසක් කූඩුවකි කැරකෙන,
පුංචි අටපට්ටම් කූඩු පන්සීයක් ද විය ඒ අතර,
අටපට්ටමේ හැඩය හරියටම නංවන්න,
අපි කරපු වෑයම හරිම අපූරුයි.......
සිනාසෙමින්,කියමින් නොයෙක් වූ රසකතා,
අප ගතකරපු කාලයේ මතකය ,
හරි සුන්දරයි......
ඉන්පසුව අපි පියමැන්න
කිංචිකුලම පන්සල තවත් සොදුරු මතකයක්........
Comments
Post a Comment