Posts

Showing posts from November, 2021

වැඩපලෙන් සමුගනිමි....

Image
දින,සති,මාස ගෙවී යයි මතකයන් අතීතයට එක් වෙයි මා සමු අරන් යන දවසත්  ළග ළගම එයි...   වචනයෙන් කිව නොහැකිය මා හද තුළ තෙරපෙන දුක නමුදු, මා යා යුතුම වේ ඒ සොදුරු වූ ලෝකයට ඒ මගේ උරුමයයි.... ඉතිම් මා සමුදෙමි, නව මසක් රැදී සිටි මේ සොදුරු නවාතැනෙන්..... මෙහි නිරතුරු රැදී තිබුනේ, සිනහවයි,සෙනෙහසයි, රැකවරණයයි, මිත්‍රත්වයයි..... කිසිදා අමතක කළ නොහැක, මා හට ඒ, සෙනෙහස, රැකවරණය, මිත්‍රත්වය...... නමුදු,මා හට යන්නට කාලය  පැමිණ ඇත... මා යමි පියඹා ඒ සුන්දර ලෝකයට, නිදහසේ ඉගිල්ලෙමි  තටු සලා මා ඒ ලොවට... නමුදු, මගේ මග පෙන්වන්නා  අදත්,හෙටත් ඔබම පමණකි.... 😔😔😔😔😔😔

මට පවසන්න සුන්දර යුවතිය පොඩිනා....

Image
දිගුවන් කෙස් වැටිය රන්වන් පාට හම තිබුනේ නැතිය ගමේ අන් වෙන කෙනෙකු හට කාගෙත් දෙනෙත් ගිය සුන්දර යුවති එම දවසක් ගියා කොටහළුවක නාවන්න.... පෙර දැනුනා අම්මට හෙට වන විපතෙ නිමි හැකි ලෙස වචනයෙන් රැක්කා තම දියණිගේ දිවි..... යන්නට පිය තැබුවා එදා වේරහැර දිවි පෙරළියක් තැබුවා මේ ලෙස එදින නොඇසුනා එදා හැඩු උලලේනියගේ හඩ අමතක උනා අම්මා දුන් ඔවදන් සිතට.... විශ්වාසයකින් ඔබ ගියේ ඇයිද? ගල්තලාවට පවිත්‍රත්වයේ ලකුණ , ගලමත තියලා ආවේ ඇයිද? තැබූ විශ්වාසය රැක්කේද? ඔහු  ඒ ලෙස කිසිදා  මට පවසන්න සුන්දර යුවතිය පොඩිනා.... සිදුකළ  වරද කිසිදා නිවැරැදි නොම වේ තැබුවේ කෙලෙස යන්නට යලි ඔහු වෙතම බැන්දා නේද?පොරයක් රුදු යකු සමග අවසන ගෙවුවා නේද වරදට දඩුවම දිවියෙන්.. ලෝ වැසි සියලු පොඩිනාවරුන් වෙනුවෙනි... x