මට පවසන්න සුන්දර යුවතිය පොඩිනා....



දිගුවන් කෙස් වැටිය රන්වන් පාට හම
තිබුනේ නැතිය ගමේ අන් වෙන කෙනෙකු හට
කාගෙත් දෙනෙත් ගිය සුන්දර යුවති එම
දවසක් ගියා කොටහළුවක නාවන්න....

පෙර දැනුනා අම්මට
හෙට වන විපතෙ නිමි
හැකි ලෙස වචනයෙන් රැක්කා
තම දියණිගේ දිවි.....

යන්නට පිය තැබුවා එදා වේරහැර
දිවි පෙරළියක් තැබුවා මේ ලෙස එදින
නොඇසුනා එදා හැඩු උලලේනියගේ හඩ
අමතක උනා අම්මා දුන් ඔවදන් සිතට....

විශ්වාසයකින් ඔබ ගියේ ඇයිද? ගල්තලාවට
පවිත්‍රත්වයේ ලකුණ ,
ගලමත තියලා ආවේ ඇයිද?
තැබූ විශ්වාසය රැක්කේද? ඔහු  ඒ ලෙස කිසිදා 
මට පවසන්න සුන්දර යුවතිය පොඩිනා....

සිදුකළ  වරද කිසිදා නිවැරැදි නොම වේ
තැබුවේ කෙලෙස යන්නට යලි ඔහු වෙතම
බැන්දා නේද?පොරයක් රුදු යකු සමග
අවසන ගෙවුවා නේද වරදට දඩුවම දිවියෙන්..

ලෝ වැසි සියලු පොඩිනාවරුන් වෙනුවෙනි...
x

Comments

Post a Comment