වැඩපලෙන් සමුගනිමි....
දින,සති,මාස ගෙවී යයිමතකයන් අතීතයට එක් වෙයි
මා සමු අරන් යන දවසත්
ළග ළගම එයි...
වචනයෙන් කිව නොහැකිය
මා හද තුළ තෙරපෙන දුක
නමුදු, මා යා යුතුම වේ
ඒ සොදුරු වූ ලෝකයට
ඒ මගේ උරුමයයි....
ඉතිම් මා සමුදෙමි,
නව මසක් රැදී සිටි මේ
සොදුරු නවාතැනෙන්.....
මෙහි නිරතුරු රැදී තිබුනේ,
සිනහවයි,සෙනෙහසයි,
රැකවරණයයි,
මිත්‍රත්වයයි.....
කිසිදා අමතක කළ නොහැක,
මා හට ඒ,
සෙනෙහස,
රැකවරණය,
මිත්‍රත්වය......
නමුදු,මා හට යන්නට කාලය
පැමිණ ඇත...
මා යමි පියඹා ඒ සුන්දර ලෝකයට,
නිදහසේ ඉගිල්ලෙමි
තටු සලා මා ඒ ලොවට...
නමුදු, මගේ මග පෙන්වන්නා
අදත්,හෙටත් ඔබම පමණකි....
😔😔😔😔😔😔
💖💖
ReplyDelete